Sunday, 29 December 2019

AdSense

Adsense ගැන මම මීට කලින් youtube channel ගැන කතා කරද්දි කිව්වා. අද මම adsense ගැන වෙනම කතා කරන්න හිතුවා, මොකද ගොඩක් කට්ටිය මේකට හොර පාරවල් යුස් කරන්න ගිහින් අමාරුවේ වැටිලා තියෙන නිසා.
ඔයා අපි ලියපු youtube channel post එක කියෙව්වා නම්, channel එකෙන් views ගාන 10,000 කරගත්තට පස්සේ ඔයාට ads පෙන්නන්න නම් monetization එනේබල් කරන්න වෙනවා කියලා මම කිව්වා. ඒ වගේම මේක කරන්න ගියාම ප්‍රශ්නයක් එනවා කියලත් මම කිව්වා.
මේකට හේතුව මේක ලංකාවට වලංගු නැති එක.
මෙන්න මේ හින්දම ගොඩක් කට්ටිය රට මාරු කරලා මේක කරන්න ගිහින් අමාරුවේ වැටෙනවා. මොකද ඔයාට verified adsense account එකක් හදාගන්න නම් එයාලා ඔයාගේ ගෙදරට post කරලා එවන code එක asdense account එකේ enter කරන්න ඕනි. මෙන්න මේ නිසා ඔයාට කවුරුත් කිව්ව පලියට මේ වගේ බොරු වැඩ කරලා අමාරුවේ වැටෙන්න එපා.
හරි එහෙනම් මේක කරන්නේ කොහොමද?

ඔයාට කරන්න තියෙන්නේ blog එකක් නැත්තම් website එකක් හදලා ඒ හරහා adsense for content පාවිච්චි කරලා adsense account එකක් හදාගන්න එක.
මේක කරන්න නම් ඉස්සෙල්ලම ඔයාට blogger.com නැත්තම wordpress වල blogger එකක් ලියලා ඒක හැම තැනම share කරලා views, likes, comments කීපයක් ගන්න වෙනවා. ඊට පස්සේ ඔයාට ඔයාගේ blogger එකේ URL එක යුස් කරලා adsense for content මගින් adsense account එකක් හදාගෙන ඒක verify කරගන්න පුලුවන්. දැන් ඔයාගාව verified adsense account එකක් තියෙනවා, දැන් මේක youtube වලට connect කරන්න විතරයි ඔයාට තියෙන්නේ.
ඔයාට blogger එකක් ලියනන දන්නැත්තම් ඒ ගැනත් ඒ වගේම blog එක adsense වලට apply කරන්න තරම් quality වෙන්න කරන්න ඕනි මොනාද? ඒ වගේම adsense account එකේ එකතු උන සල්ලි withdraw කරන්නේ කොහොමද කියලත් දැනගන්න.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.
සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්

SHARE THIS

Author:

Fox Gossips is a multi-platform news and information media company. Launched in 2019, its mission is to serve as a forum for better understanding and unity to help make Sri Lanka truly one nation.

0 comments: