Sunday, 29 December 2019

HQ Trivia


Internet එකෙන් සල්ලි හොයන ගොඩක් ක්‍රම අතරින් android app එකක් ගැන අද කතා කරන්න හිතුවා, ගොඩක් දෙනා මේ HQ trivia app එක ගැන එකේක දෙවල් කියනවා සමහරු මේක blue whale game එක වගේද? කියලත් අහල තියෙනවා මම කීප අවස්තාවකදී දැක්කා, මේකට හේතුව මේ game එක කරන්න නිශ්චිත time එකක් තියෙන එක.
ඉස්සෙල්ලම ගොඩක් දෙනා අතර තියෙන මේ වැරදි අදහස අයින් කරගන්න වෙනවා, මේක කොහෙත්ම වංචාසහගත වත් භයානක game එකක් වත් නෙවෙයි.
මේ game එකෙන් ඇත්තටම සල්ලි හොයන්න පුලුවන්, මෙක ඔයාගෙ දැනුම පරික්ශා කරන game එකක් කිව්වොත් හරි. මේකේ විශේෂත්වය තමයි මේක live game එකක්, අපිට game එක කරන වෙලාවෙ තව කී දෙනෙක් මේ game එක play කරනවද කියන එක screen එකේ බලා ගන්න පුලුවන්.
කොහොමද අපි  මේ game එක play කරලා සල්ලි හොයන්නේ?

මෙතනදි එයාලා අපෙන් ප්‍රශ්න 12ක්  අහනවා, මේ එක ප්‍රශ්නෙකට උත්තර 3ගානේ ලැබෙනවා. ඔයාට තියෙන්නේ තත්පර 10ක් ඇතුලත හරි උත්තරය select කරන එක විතරයි. ඉතින් මෙතනදි ඔයාගේ answer එක හරි ගියොත් ඔයාට ඊලග ප්‍රශ්නෙට යන්න පුලුවන්. හැබැයි ඔයාගේ උත්තරේ වැරදුනොත් ඔයාට game එකෙන් අයින් වෙන්න වෙනවා, ඒත් මේ game එක live යන නිසා ඔයාට අනිත් අය game එක play කරන විදිය බලන්න chance එකක් තියෙනවා.
ඔයාට මේ game එකේ 12 වෙනි ප්‍රශ්නෙ වෙනකම් යන්න පුලුවන් උනොත් එයාලා වෙන් කරලා තියෙන තෑගි මුදල ඔයාට ගන්න පුලුවන්. සාමානයෙන් dollar 2000ක් වගේ මුදලක් , එත් මෙතනදී game එක ඉවර කරපු ජයග්‍රාහකයො කීපදෙනෙක් හිටියොත් ඒ අය අතර අර තෑගි මුදල බෙදී යනවා.
ඉතින් මේ game එක දිනන එක හිතන තරම් පහසු ඉලක්කයක් නොවුනත්, පිටරට ගොඩක් දෙනා මේකට විකල්පයක් විදියට HQ Team  එකක් හදාගෙන මේ game එක කරන්න පෙලබිලා තියෙනවා. කොහොම උනත් ඔයාට සෑහෙන්න මුද්ලක් මේ game එක හරහා හොයන්න පුලුවන් දින්නොත්.
ඉතින් මේ වගේ තවත් අලුත් ක්‍රම අපි ඔයාලට කියන්නම්, දැනටත් මට ගොඩාක් දෙනෙක් මේ දවල් ගැන එයාලගේ ප්‍රශ්න කියලා message කරනවා, නැවතත් මට කියන්න තියෙන්නේ ඔයාගේ හැම ප්‍රශ්නයක්ම අපිට කියන්න. ඒ වගේම internet එකෙන් මේ ක්‍රම වලට අමතරව වෙනත් ක්‍රමයකින් ඔයා ගොඩ ගිය කෙනෙක් නම්, ඒ වගේම ඔයාගේ අත්දැකීම ලංකාවෙ අනිත් අයත් එක්ක බෙදා ගන්න ඔයා කැමතී නම් ඒ ගැනත් මට කියන්න.
මම කැමතී ඔයාගේ අත්දැකීම ගැන ඔයාත් එක්ක එකතු වෙලා post එකක් ලියන්න.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්

SHARE THIS

Author:

Fox Gossips is a multi-platform news and information media company. Launched in 2019, its mission is to serve as a forum for better understanding and unity to help make Sri Lanka truly one nation.

0 comments: