Friday, 20 December 2019

Fiverr-part I

ඩොලර් වලින් මුදල් උපයා ගැනීමට තවදුරටත් බලා නොසිටින්න! මෙය දුෂ්කර ද? වංචා සහගතද? කොහෙත්ම නැහැ. හරිම සරලයි පියවරෙන් පියවර අපව අනුගමනය කරන්න…



Fiverr වෙත පිවිසීමට පෙර ඔබට පළමුව ගිණුමක් සෑදිය යුතුය. මේ සදහා https://www.fiverr.com/ වෙත පිවිස menu bar එකේ join icon එක click කරලා තමන්ගේ විස්තර නිවැරදිව දීලා account එකක් හදාගන්න.

Account එකක් තිබ්බ පලියට සල්ලි හොයන්න බෑ, ඒකට අපි gig එකක් හදා ගන්න ඕනි. දැන් ඔයා හදපු account එකට log උනාම එන menu bar එකේ SALES- Create Gig දෙන්න.



දැන් ඔයා fiverr එකේ කරන්න හිතාගෙන ඉන්න දේ gig title එක විදියට දෙන්න. Eg: I will create a website to your company. මේක තමා ගැටලුව, ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ internetjob එකක් කරන්න web design, photoshop වගේ ලොකු දැනුමක් ඔනේ කියලා, ඒත් ඇත්තෙන්ම නෑ. සරල උදාහරනයක් ලංකාවේ ලස්සන තැන් වල පින්තුර fiverr හරහා යවලත් ඔයාට සල්ලි හොයන්න පුලුව්න්.


ඉලගට ඔයාගේ gig එකට අදාල category එක, gig එකට අදාල image add කරන්න.

ඉලගට ඔයාට මේ වැඩේට කොච්චර time එකක් යනවද කියන එක වගේම මේ වැඩේට ඔයා කොච්චර මුදලක් ගන්නවද කියන එකත් දෙන්න ඔනි. fiverr වල නිතියක් තමයි පහේ ගුනාකාර වලින් මිල නියම කිරීම. අඩුම 5$ ඉදලා වැඩිම $995 වෙනකම් මිල තිරනය කරන්න පුලුවන්.

කොටින්ම දැන් අපි gig එක හදලා ඉවරයි දැන් publish කරන්න. වැඩේ ගොඩ.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips 


ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්


SHARE THIS

Author:

Fox Gossips is a multi-platform news and information media company. Launched in 2019, its mission is to serve as a forum for better understanding and unity to help make Sri Lanka truly one nation.

0 comments: