Sunday 29 December 2019

Fiverr-part III



Fiverr ගැන මම මීට කලින අවස්තා දෙකකදී බොහොම පැහැදිලිව කතාකරා ඔයාලට මතක ඇති. Fiverr gig එකක් හදන විදියෙ ඉදන් ඒක promote කරන විදිහ වගේම gig එක promote කරනන තවත් ක්‍රම ඉස්සරහදි කියන්නත් මම පොරොන්දු උනා. ඉතින් මේ ගැන ගොඩක් දෙනා මගෙන් අහපු නිසා මම මේ post එක අදම ලියනන ඕනි කියලා හිතුවා.
Gig එක promote කරන එක විදියක් විදියට මම ඔයාලට gig එකට අදාල blog එකක් කරගෙන යන්න කියලා කිව්වා, ඒ වගේම gig එකට message කරන buyersලට ඔයාගේ blog එක ගැන කියලා කොහොම හරි order එක ඔයාගේ කරගනන්න එයාලව පොලබවගන්න කියලත් කිව්ව.
දැන් ගොඩක් දෙනා මගෙන් අහපු දෙයක් තමයි, ඔය දේවල් කරන්නත් ඉතින් buyer කෙනෙක් gig එකට message කරන්න එපැයි කියන එක?
කතාව ඇත්ත අපේ gig එක බලලා buyer අහක බලාගෙන ගියොත් මේ ක්‍රමේ හරියන් නෑ.
මේකටත් විසදුමක් තියෙනවා. Fiverr එකේ දී අපිට levels 3කට යන්න පුලුවන් ඒ කියන්නේ, 1 level, 2 level සහ Top rated seller කියලා.
ඔයා 1 level seller කෙනෙක් වෙන්න නම් orders 10ක් අඩුම 4.8 rating යටතේ complete කරන්න ඕනි. 2 level seller කෙනෙක් වෙන්න orders 50ක් 4.8 rating යටතේ වගේම Top rated seller කෙනෙක් වෙන්න නම් orders 100ක් 4.8 rating යටතේ complete කරන්න ඕනි.
buyerව අපේ gig එකට ගෙන්න ගන්න නම් මෙන්න මේ rating හොදට තියෙන්න ඕනි. Rate කරනවා කියන්නේ ඔයගෙන් කලින් buyersලා ඔයාගේ orderඑක ගැන සතුටු වෙලා ඔයාට දාන comment (review) එක.
දැන් ඔයා මගෙන් අහයි review එක දෙන්නත් order එක්ක කවුරුහරි ගන්න එපැයි කියලා?
මේක තමයි trick එක අපිට අපේ gig එකට buyersලා බලෙන් ගෙන්න ගන්න බෑ. ඒත් ඔයාට මෙහෙම වැඩක් කරන්න පුලුවන්, ඔයාගේ යාලුවන්ට මේ ගැන කියලා gig එකට යන සල්ලි ඔයාම ඔයාගේ යාලුවන්ට දීලා ඔයාගේ gig එකට orders දම්ම ගන්න ඔයාට පුලුවන්.
මේක කිසිම වංචනික ක්‍රමයක්වත් ඔයාට පාඩුවක් වෙන වැඩක්වත් නෙවෙයි. මොකද මේ සල්ලි අපහු ඔයාගේ fiverr account එකටමයි එන්නේ ඉතින් ඔයාට කිසිම පාඩුවක් නෑ, ඔයාට නිකම්ම පට්ට review එකක් ඔයාගේ යාලුවන්ට කියලා දාගන්න පුලුවන්.
මම මේකත් කියන්න ඕනි, ඔයා dollar 5කට gigඑකක් දැම්මට, ඔයාට එක order එකකට dollar 5ක්ම ලැබෙන් නෑ මොකද fiverrලා dollar 1ක් තියාගෙන ඔයාට දෙන්නේ dollar 4යි.
දැන් ඉතින් ඔයාට හිතෙන්න පුලුවන් ඔයා සල්ලි දීලා review දාගෙන ඔයාට පඩුවක් වෙනවා නේද කියලා.
මේ වෙලාවෙ ඔයාට ඒක ආයොජනයක් විදියට දකින්න වෙනවා. මොකද ඔයාට පොඩි ගානක් වියදම් කරලා එක gig එකක් dollar 100කට විකුනන තැනට එන්න ඕනි නම් මේක කරන්න වෙනවා. මේක හරියනවද කියන එකේ සැකයක්, නැත්තම් ඔයාට තවත් ප්‍රශ්න තියෙනවා නම් ඒ හැම දේම අපිට ලියන්න. ඔයාගේ ප්‍රශ්න වලට අපි අනිවා උත්තර දෙනවා.
ලංකාවේ free education එක campus ගිහිල්ලත් free ඉගෙනගෙන fiverr එකෙත් free register වෙලා නිකම්ම internet එකෙන් නිකම්ම සල්ලි හොයන්න නම් ඔයා බලන් ඉන්නේ, ඔයාට investment එකක්, උත්සහයක් දරන්න බැරි නම් සාර්තකත්වය dollar සිහිනය හීනයක්ම වේවි.
මම ඔයාට හිතන්න යමක් ඉතුරු කරා.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්

Read

Fiverr-part II



SHARE THIS

Author:

Fox Gossips is a multi-platform news and information media company. Launched in 2019, its mission is to serve as a forum for better understanding and unity to help make Sri Lanka truly one nation.

0 comments: