Fiverr gig එකක් හදන විදිය දැන් ඔයාලා දන්නවා. මොකද මම ඒ ගැන පැහැදිලිව කිව්වා. ඔයාට ඒ post එක මගහැරුනා නම් ඉස්සෙල්ලම ඒක කියවලා ඉන්න.
ඔයා අපි කිව්ව විදියට gig එකක් හැදුවා නම්, ඔයාගේ ඊලග ප්‍රශ්නේ වෙන්න ඕනි කොහොමද gig එක promote කරගන්නේ කියන එක. ගොඩක් දෙනා fiverr ඒකේ වැඩ කරන්න ගිහින් order එකක් එනකම් මාස ගනම් වේලි වේලි ඉන්නවා, ඒ නිසාම සමහරු gig එක පත්තු වෙන්න වාසනාව තියෙන්න ඕනි කියලත් කියනවා.
අපි වාසනාව ගැන නොහිතා අපිට කරන්න පුලුවන් දේ ගැන බලමු.
අපි හිතමු ඔයා gig එක විදියට කරන්නේ logo design කරන එක කියලා,
- ඔයාගේ gig link එක fb, Instagram, twitter වගේ social media වල share කරාට මදි.
- ඔයාට ඔයාගේම කියලා website එකක් නැති වෙන්න පුලුවන්, ඒත් ඔයාට ඔයාගෙම කියලා blogger එකක් කරගෙන යන්න පුලුවන්. ඒ blog post වලත් ඔයගේ gig link එක දාන්න.
මම ඔයාට website හෝ blog එකක් කරගෙන යන්න කියලා කිව්වේ විශේෂ හේතුවක් නිසා, ඔයා අලුතින් දාපු gig එකට customer කෙනෙක් order එකක් දාන්න කලින් ගොඩක් වෙලාවට එයා ඔයගේ gig එකට msg කරනවා. මෙන්න මේ වෙලාවට ඔයාගේ සුපිරියට තියෙන blog එකක් පෙන්නලා order එක ඔයා සතු කරගන්න පුලුවන්.
හැබැයි කවදාවත් මෙහෙම msg කරලා customerට ඔයාගේ personal details(personal email ) දෙන්න එපා මොකද ඒක නීති විති විරෝදී, ඔයාගේ gig එක අයින් කරන්නත් පුලුවන් මේ නිසා. ඒ වගේම උපරිම පැයක් ඇතුලත් customerට reply කරන්න මතක තියාගෙන්න. ඒ වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ තමයි fiverr mobile app එක ඔයාගේ phone එකට දා ගන්න එක.
මේ දේවල් ඔක්කොම කරලත් order එකක් ආවේ නැත්තම් ඔයාට ඒකට කරන්න තවත් දෙයක් තියෙනවා ඒ ගැනත් අපි ඉක්මන්ට කියන්නම්.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.
සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ Facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
0 comments: