Sunday 29 December 2019

GOKANO


ඔයාලා අපේ site එකත් එක්ක දිගටම එකතු උන කෙනෙක් නම් මේ වෙද්දී ඔයාලට internet එකෙන් සල්ලි හොයන විදිය ගැන පැහැදිලි අවබෝදයක් ඇති.
හැබැයි අද මම කතාකරන්න යන gokano කියන්නේ internet එකෙන් සල්ලි හොයන්න පුලුවන් site එකක් නෙවෙයි. මේක ටිකක් වෙනස් විදියේ වැඩක්, ඒ කියන්නේ ඔයාට මෙතනදී මුදල් ගෙවන් නැතුව මේ site එකේ තියෙන බඩු points හරහා ගන්න පුලුවන්.
මේක හරියට භාණ්ඩ හුවමාරු කරනවා වගේ වැඩක් ඔයාට තියෙන්නේ සල්ලි වෙනුවට මේ site එකෙන්ම point එකතුකරලා ඒ points දීලා අදාල භාණ්ඩය ගන්න.

දැන් ඔයා මගෙන් අහයි මොනාද මේ points කියන්නේ? කොහොමද මේවා ලැබෙන්නේ කියන එක.
ඉස්සෙල්ලම ඔයා මේ site(gokano.com) එකේ ගිහින් register වෙන්න ඕනි, ඊට පස්සෙ ඔයාට points එකතු කරන්න පටන් ගන්න පුලුවන්. මේකට ක්‍රම කීපයක් තියෙනවා, ඔයාට points එකතු කරන්න තියෙන්නේ GN හා VP විදියට. මෙතනදි  GN එකතු කරන එක ලේසි, ඔයාට දවස ගානේ free GN එකකුත් ලැබෙනවා. මීට අමතරව ඔයාට ඔයාගේ යාලුවොන්ට invite කරලත් GN එකතු කරන්න පුලුවන්.
මෙතනදී අර මම ebates ගැන කියද්දි කිව්වා වගේම, Gokano වලටත් ඔයාටම අදාල URL එකක් තියෙනවා මෙන්න මේක ඔයාගේ යාලුවෙන්ට share කරලා ඒ link එක හරහා ඔයාගේ යලුවොත් මේකේ register උනාම ඔයාට points එකතු වෙනවා.
ඊට අමතරව ඔයාට mission complete කරලත් points(GN) එකතු කරගන්න පුලුවන්. මෙතනදී ඔයාට mission වර්ග කීපයක් බලා ගන්න පුලුවන්. daily, extra, social වගේම fast mission විදියට.
මෙතනදී daily mission කරන්න ගියම ඔයාටම තේරෙයි එයලා අහන ප්‍රශ්නෙට මොන උත්තරේ දුන්නත් ඔයාට GN එකක් ලැබෙනවා කියලා.
ඉතින් ඔයාට මේ හැම එකක්ම කරලා බොහොම ලෙසියෙන් points එකතු කරගන්න පුලුවන්.
Gokano හරහා එකතු වෙන points වලින් ඔයාට gokano site එකේ තියෙන බඩු ගන්න පුලුවන් කියල මම කිව්වා. මෙතනදී මෙහෙම points වලින බඩු ගන්න ගියාම GN හා VP වලින් ආකාර දෙකකට ඔයාට බඩු ගන්න පුලුවන්, ඉතින් මේ ගැන අපි ඔයාට ඉස්සරහට කියනවා, ඔයාට අදම මේ points එකතු කරන්න පටන් ගන්න පුලුවන් ඔයා මේ site එකට ගිහින් බැලුවොත් ඔයාට පෙනෙයි ගොඩක් වටින බඩු උනත් මේ points හුවමාරුවෙන් ඔයාට ගෙන්නගන්න පුලුවන් කියලා.
internetjobs ගැන ඔයාලට ප්‍රශ්න තියෙන තැන් වගේම ඔයා internet  එකෙන් සල්ලි හොයන්න ගිහින් වංචනික ක්‍රම වලට අහු වෙලා ඉන්නවා නම් මේ හැමදේම අපිට ලියන්න.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.
සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්

SHARE THIS

Author:

Fox Gossips is a multi-platform news and information media company. Launched in 2019, its mission is to serve as a forum for better understanding and unity to help make Sri Lanka truly one nation.

0 comments: