Sunday, 29 December 2019

IQ Option


අද වෙනකොට ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙලා තියෙන දෙයක් තම්යි මේ trade කරනවා කියන්නේ. Internet එකේ trading sites කොච්චර ප්‍රමානයක් තියෙනවද කියන එකවත් ඔයාලා හරියට දන්නේ නැතුව ඇති. මේ ගොඩක් site ඇත්තම ඒවා නෙවෙයි. ඒ විතරක් නෙවෙයි trade කරන්න ගිහින් ලොකු ගනම් වලින් සල්ලි නාස්ති කරගත්ත කට්ටිය කොච්චර ඉන්නවද කියන එකවත් ඔයාට හිතාගන්න බැරුව ඇති.
කොහොම උනත් ගොඩක් දෙනා මේක කියලා දෙන්න කියලා මගෙන් අහපු නිසා, බහුතරයකගේ ඉල්ලීම සැලකිල්ලට අරගෙන මම මේ ගැන post එකක් ලියන්න හිතුවා. හැබැයි මේ හරහා ඔයාට නැතිවෙන කිසිම මුදලකට මම වගකියන්නේ නැහැ. ඒ වගේම binary trading ගැන අපේ site එක කියවන ඔයා අද පලවෙනි වතාවට නම් අහන්නේ ඔයාට මේක කරන්න කියලා මගෙන් කිසිම බල කීරීමක්වත්, අනුබලදීමක්වත් නැහැ. මේ දේවල් කියෙන්නේ මේ ගැන මගෙන් අහපු සහ අහපු නැති හැමෝගෙම දැනගැනීම උදෙසා පමනයි.

Iq option කියන්නෙ binary trading site(forex) එකක්. මෙතනදී මොකද්ද ඇත්තටම වෙන්නේ කියන එක ගොඩක් දෙනා මගෙන් අහපු ප්‍රශ්නයක්,
මම උදාහරනයකින් කිව්වොත්, ලංකවෙ රුපියලයි USD ඩොලර් එකයි අතර වෙනස දැන් වෙද්දි 159 කට ආසන්න අගයක් වෙනවා, අපි හිතමු ඔයා ඩොලර් එකේ අගය 150 ට අඩු උන වෙලාවක ඩොලර් 100 අරන් නැවතත් මේ අගය වැඩි උන වෙලාවක මේවා විකුනවා කියලා ඔයාට මේකෙන් 900(98*100)ක ලාබයක් තියෙනවා, මෙන්න මේ වගේ දෙයක් තමයි මෙතනදි වෙන්නේ.
එත් මේක කොහොම වෙනස් වෙයිද කියන එක අපිට කියන්න අමරුයි, අන්න ඒක නිසා තමයි මෙක ගොඩක් risk වෙන්නේ. තව දෙයක් තමයි ඔයාට iq option site එකේ account එකක් හදාගත්ත පලියට මේක කරන්න බෑ ඒකට ඔයාට මුදලක් ගෙවන්න වෙනවා.
ඔයා දැනටත් iq option site එකේ trade කරන කෙනෙක් නම් ඔයාට මෙකේ account එකක් ඇති. ගොඩක් වෙලාවට මෙක dollar වලින් හදපු account එකක් වෙන්න ඇති. ඉතින් ඔයාට මේ iq option site එකේ තියෙන්නේ dollar කියන මුදල් ඒකකය විතරක් නෙවෙයි තවත් මුදල් ඒකක තියෙනවා. ඔයාට රූබල් මුදල් ඒකකය පාවිච්චි කරලා dollar වලින් 50% අඩු වියදමකින් මේක කරන්න පුලුවන්.
ඔයා dollar වලින් නම් මේ account එක හැදුවෙ ඔයාට අඩුම dollar 10ක් ඒ කියන්නේ 1500ක් මේක පටන්ගන්න යොදවන්න වෙනවා, ඒත් ඔයා රූබල් පවිව්ච්චි කරොත් ඔයාට රූබල් 300 ඒ කියන්නේ ඩොලර් 5ක්(750rs), කට මේක පටන් ගන්න පුලුවන්. ඉතින් සමහරු ලොකු ගනම් දීලා මේක පටන් අරන් ඔක්කොම නැති කරගත්ත අවස්තා තියෙනවා. අන්න ඒ නිසා තමයි ඔයා මේක කරන්න හිතන් ඉන්නවා නම් රූබල් බාවිතා කරන්න වගේම අඩුම මුදලකින් මේක පටන් ගනන කියලා මම කියන්නේ.
ඉතින් මෙහෙම account එකක් හදාගෙන සල්ලි deposit කරාට පස්සේ ඔයාට ඔයාගේ account එක ඇතුලට යන්න පුලුවන් එතකොට ඔයාට පෙනෙයි ඒකේක විදියේ ප්‍රස්තාර ගොඩක්. ඒ වගේම call එකක් put එකක් දෙනවා කියන්නේ මොකද්ද? මේ chart ඇත්තටම කොහොමද විචලයන වෙන්නේ? මේක අපි කලින් දැනගන්නේ කොහොමද? මේ වගේ ප්‍රශ්න ඔයාට තියෙනවා නම් මේ ගැනත් අපිට කියන්න.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්

SHARE THIS

Author:

Fox Gossips is a multi-platform news and information media company. Launched in 2019, its mission is to serve as a forum for better understanding and unity to help make Sri Lanka truly one nation.

0 comments: