Sunday 29 December 2019

AppBucks

මෙකත් තවත් android app එකක්, මේක හරහාත් ඔයාට මුදල් උපයන්න පුලුවන්, ඉතින් මේ වගේ apps ගොඩාක් තියෙනවා ඒ හැමදේම අපි ඔයාලට කියනවා.
මේ app එකේදි, ඔයා මේක install කරගෙන login වෙනවත් එක්කම ඔයාට dollar 10ක මුදලක් ලැබෙනවා. ඒ වගේම මෙ app එකට login උනාට පස්සේ refer id එකක් ඉල්ලනවා. ඒකට මේ app එක යුස් කරන කෙනෙක්ගේ refer id එක දුන්නම ඔයාට points 500ක් ලබා ගන්න පුලුවන්. points 1000ක් කියන්නේ dollar එකක්.
මේ app එකේ උඩින්ම points mining කියල setting එකක් තියෙනවා, අන්න එතනින් ඔයාට පුලුවන් මේ application එක social media වල share කරන්න. මෙතනදි එක share එකකට points 100ක් ලැබෙනවා. ඔයාට points ගාන බොහොම ලෙසියෙන් වැඩි කරගන්න පුලුවන්.
ඒ විතරක් නෙවෙයි offer points කියන settings එකට ගියාම ඔයාට පොඩි පොඩි task complete කරන්න තියෙනවා, මේ හරහා ඔයාට සෑහෙන්න points ගානක් එකතු කරගන්න පුලුවන්.
මෙතන්දී තව දෙයක් තියෙනවා, ඒ තමයි ඔයාට මේ app එකට review එකක් දෙනවටත් ඔයාට සල්ලි හම්බෙනවා. මෙතනදි ඔයා 5stars දීලා good comment එකක් දුන්න බව ඔප්පු කරන්න ඔයා දීපු comment එකේ screen shot එකක් අරන් upload කරාම ඔයාට dollar 5ක් ගෙවනවා.
මේ app එක හරහා ඔයා හම්බ කරන මුදල් ඔයාට paypal එකට ගෙන්න ගන්න පුලුවන්.
මේ එකේන් සල්ලි හොයන්නේ නම් මේ විදියට තමයි. හැබැයි මේ මුදල් ඔයාගේ අතට ලැබෙනවද? මේ app එකෙන් සල්ලි දීලා reviews දාගන්නේ ඇයි? ඒ වගේම app එකට login වෙනකොටම අපි කිසිම වැඩක් නොකරම නිකම්ම dollar 10 දෙනවා. ඉතින් මට පොඩි සැකයක් ආපු නිසාම මම මේ ගැන හොයලා බැලුවා, මේ app එක යුස් කරන කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා.
මේ හැමෝම මේක කරනවා විතරයි සල්ලි අතට ගත්තු කෙනෙක් නැහැ. ඉතින් කාලය කියන්නේත් සල්ලි ඒනිසා මේ වගේ සල්ලි නොලැබෙන දේවල් වලට ඔයාගේ වටිනා කාලය නාස්ති කරන්නෙපා.
කවුරු හරි මේ app එක යුස් කරලා ඔයාගේ අතට සල්ලි ගත්ත කෙනෙක් ඉන්නවා නම්, අනිවා ඒ ගැන මට කියන්න එතකොට අපිට නිවැරදි තොරතුරක් අනිත් අයට දෙන්න පුලුවන්.


සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්

SHARE THIS

Author:

Fox Gossips is a multi-platform news and information media company. Launched in 2019, its mission is to serve as a forum for better understanding and unity to help make Sri Lanka truly one nation.

0 comments: