Fiverr ගැන අපේ site එකෙන් අපි බොහොම පැහැදිලිව ඔයාලට කියලා දුන්නා. Fiverr gig එකක් හදන විදියෙ ඉදන් ඒක promote කරන්නේ කොහොමද? Promoting tips මොනාද? මේ හැම දේම අපි බොහොම පිලිවෙලට කියලා දුන්නා මතක ඇති. ඒ වගේම අපි කිව්ව දේවල් ඒ විදියටම කරලා සාර්තක උනා කියලත් කීපදෙනෙක් මට පෟද්ගලිකව message කරලා කිව්වා, ඒ ගැන මමත් ගොඩක් සතුටු වෙනවා.
ඔයාට අපේ fiverr lesson එක මිස් උනා නම් fiverr, Promote fiverr Gig -(Step1), Promote fiverr Gig-(Step2) මේ link වලින් ගිහින් ඒ දැනුමත් අරගන්න. ඒක ඔයාට අද post එක තේරුම් ගන්න වැදගත් වේවි.
මෙච්චර දවස් මම fiverr එක තුල ඔයාලා කරන්න ඕනි ගොඩක් දේවල් කියලා දුන්නා. අද මම කියන්න යන්නේ fiverr තුල ඔයා නොකල යුතු දෙවල් ගැන.
- ඔයා fiverr එකේ seller කෙනෙක් නම් ඔයාගේ gig එකට message කරන buyersලට ඔයාගේ personal details ඒ කියන්නේ personal email එක දෙන්න එපා, මේ ගැන මම කලිනුත් කිව්වා.
- ඒ වගේම එකම ip address එකකින් fiverr account දෙකක් කරගෙන යන එක තහනම්. ඒ කියන්නේ ඔයාට fiverr එක ඇතුලේ account එකකට වඩා තියාගන්න බැහැ.
මේ නීතිය අසාධාරන වෙන අවස්තාවකුත් තියෙනවා, අපි හිතමු එකම ගෙදරක සහෝදරයො දෙන්නෙක් එකම computer එක පාවිව්වි කරන්නේ කියලා. මේ දෙන්නම වෙන වෙනම fiverr account දෙකක් හදාගෙන fiverr එකේ වැඩ කරනවා. fiverr site එකට අනිවාරෙන් මේක detect වෙනවා. මොකද එකම ip එකකින් account දෙකකින් fiverr එකට දිගින් දිගටම log වෙද්දී, එකම පුද්ගලයෙක් වෙනස් නම් දෙකකින්, account දෙකක් හදාගෙන log වෙනවා කියලා තමයි එයාලා හිතන්නේ ඉතින් මෙතනදී එයාලා account දෙකම cancel කරනවා. ආපහු ඔයාට කිසිම විදියට account එකේ සල්ලි තිබ්බත් ඒවා ගන්නත් බෑ. ඒ වගේම ඒ computer එකෙන් නැවත අලුත් fiverr account එකක් හදන්නත් බෑ. මේ සිද්දිය මේ විදියටම වෙච්ච ගොඩක් දෙනා ඉන්නවා. ඒ නිසා මේ වගේ දේවල් කරන්න එපා.
- ඒ වගේම fiverr gig එකට buyerකෙනෙක් oredrඑකක් කරාම, ඔයා ඒක ඉවර කරනවා කියලා කියපු වෙලාව ඇතුලත ඉවර කරලා buyerට deliver කරන්න මතක තියා ගන්න.
සමහර වෙලාවට ඔයා orderඑක දීලා තියෙන කාලය ඇතුලත, හරියට ඉවර කරලා delivery කරාම, buyer ඔයාගේ service එක හරි නෑ කියලා සල්ලි දන්න බෑ කියලා කියන අවස්තා තියෙනවා. මෙන්න මේ වගේ වෙලාවට මොකද කරන්නේ?
මේ ගැනත් අපි කියනවා.
සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
0 comments: