Sunday, 29 December 2019

Fiverr- Marketing Rules

Fiverr- Marketing Rules

Fiverr ගැන අපේ site එකෙන් අපි බොහොම පැහැදිලිව ඔයාලට කියලා දුන්නා. Fiverr gig එකක් හදන විදියෙ ඉදන් ඒක promote කරන්නේ කොහොමද? Promoting tips මොනාද? මේ හැම දේම අපි බොහොම පිලිවෙලට කියලා දුන්නා මතක ඇති. ඒ වගේම අපි කිව්ව දේවල් ඒ විදියටම කරලා සාර්තක උනා කියලත් කීපදෙනෙක් මට පෟද්ගලිකව message කරලා කිව්වා, ඒ ගැන මමත් ගොඩක් සතුටු වෙනවා.
ඔයාට අපේ fiverr lesson එක මිස් උනා නම් fiverr,  Promote fiverr Gig -(Step1),  Promote fiverr Gig-(Step2) මේ link වලින් ගිහින් ඒ දැනුමත් අරගන්න. ඒක ඔයාට අද post එක තේරුම් ගන්න වැදගත් වේවි.
මෙච්චර දවස් මම fiverr එක තුල ඔයාලා කරන්න ඕනි ගොඩක් දේවල් කියලා දුන්නා. අද මම කියන්න යන්නේ fiverr තුල ඔයා නොකල යුතු දෙවල් ගැන.
  • ඔයා fiverr එකේ seller කෙනෙක් නම් ඔයාගේ gig එකට message කරන buyersලට ඔයාගේ personal details ඒ කියන්නේ personal email එක දෙන්න එපා, මේ ගැන මම කලිනුත් කිව්වා.
  • ඒ වගේම එකම ip address එකකින් fiverr account දෙකක් කරගෙන යන එක තහනම්. ඒ කියන්නේ ඔයාට fiverr එක ඇතුලේ account එකකට වඩා තියාගන්න බැහැ.
මේ නීතිය අසාධාරන වෙන අවස්තාවකුත් තියෙනවා, අපි හිතමු එකම ගෙදරක සහෝදරයො දෙන්නෙක් එකම computer එක පාවිව්වි කරන්නේ කියලා. මේ දෙන්නම වෙන වෙනම fiverr account දෙකක් හදාගෙන fiverr එකේ වැඩ කරනවා. fiverr site එකට අනිවාරෙන් මේක detect වෙනවා. මොකද එකම ip එකකින් account දෙකකින් fiverr එකට දිගින් දිගටම log වෙද්දී, එකම පුද්ගලයෙක් වෙනස් නම් දෙකකින්, account දෙකක් හදාගෙන log වෙනවා කියලා තමයි එයාලා හිතන්නේ ඉතින් මෙතනදී එයාලා account දෙකම cancel කරනවා. ආපහු ඔයාට කිසිම විදියට account එකේ සල්ලි තිබ්බත් ඒවා ගන්නත් බෑ. ඒ වගේම ඒ computer එකෙන් නැවත අලුත් fiverr account එකක් හදන්නත් බෑ. මේ සිද්දිය මේ විදියටම වෙච්ච ගොඩක් දෙනා ඉන්නවා. ඒ නිසා මේ වගේ දේවල් කරන්න එපා.
  • ඒ වගේම fiverr gig එකට buyerකෙනෙක් oredrඑකක් කරාම, ඔයා ඒක ඉවර කරනවා කියලා කියපු වෙලාව ඇතුලත ඉවර කරලා buyerට deliver කරන්න මතක තියා ගන්න.
සමහර වෙලාවට ඔයා orderඑක දීලා තියෙන කාලය ඇතුලත, හරියට ඉවර කරලා delivery කරාම, buyer ඔයාගේ service එක හරි නෑ කියලා සල්ලි දන්න බෑ කියලා කියන අවස්තා තියෙනවා. මෙන්න මේ වගේ වෙලාවට මොකද කරන්නේ?
මේ ගැනත් අපි කියනවා.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
PopAds : How to Make Money From PopAds. 2017 Reviews.

PopAds : How to Make Money From PopAds. 2017 Reviews.




සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
Slide Joy

Slide Joy




මෙකත් තවත් android app එකක්. ඔයාට මේ app එක install කරගෙන ඔයාගේ email එකෙන් නැත්තම facebook එකෙන් login වෙන්න පුලුවන්.
මේක lock screen app එකක්. ඒ කියන්නේ මෙතනදී screen එක lock කරලා අපහු unlock කරද්දී එයාලගේ add එකක් පෙන්නනවා මෙන්න මේක බලනවාටත් ඔයාට මුදලක් මේ app එකෙන් ගෙවනවා.
විශේෂයෙන්ම මෙතනදි මෙයාලා සල්ලි ගෙවන්නේ dollar වලින් නෙවෙයි carats වලින්. carats 1000ක් තම්යි dollar එකක් කියන්නේ. ඔයාට මෙතනදී උපයන මුදල් paypal එකට withdraw කරගන්න වගේම amazon වගේ sites වලින් gift card ගන්නත් මේ app එක හරහාම පුලුවන්.
ඔයාට මේ app එකට login වෙලා මේකෙන් සල්ලි හොයද්දි තේරෙයි carats 1000 හොයන්න ලෙසි නෑ කියලා. මේ app එකෙන් දවසේ carats ගාන update කරන්නේ රෑ 10යෙන් පස්සේ. ඔයාට ඔයා එක දවසක් ඇතුලත හොයපු carats ගාන රෑ 10න් පස්සේ බලා ගන්න පුලුවන්.
මේ app එකට ඔයාගේ යලුවන්ට invite කරලත් ඔයාට carats ගාන වැඩි කරගන්න පුලුවන්, ඒකට refer friend and family කියන තැනට ගිහින් එතන ඔයාටම කියලා invite code එකක් තියෙනවා, ඒක copy කරලා ඔයාගේ යලුවන්ට යවන්න විතරයි තියෙන්නේ. ඒ වෙනුවෙන් ඔයාට 20%ක commission එකක් මෙයාලා ගෙවනවා. ඒ විතරක් නෙවෙයි මෙතනදී ඔයාට එකේක විදියේ task තියෙනවා. මෙවා complete කරලා ඔයාට  offers ගන්න පුලුවන්. ඉතින් ඔයාට මේ task සම්පුර්ණ කරලා සැලකිය යුතු මුදලක් හොයන්න පුලුවන්.
දැන් ඔයාට මේ task මොනාද? කියලා ප්‍රශ්නයක් ඇති. ඒ ගැන මම කියනවට වඩා ඔයා මේ app එක install කරගෙන මේක කරලා බැලුවෙත් ඔයාට මේක දැනගන්න පුලුවන්, මොකද හැමදේම මම කිව්වොත් ඔයාට තනියෙන් ඉගෙනගන්න දෙයකුත් නැති වෙනවා. කොහොම උනත් මේ task හරි පොඩි දෙවල්, ඔයාට ලෙසියෙන් carats එකතු කරගන්න පුලුවන්.
මෙතනදී මේ එකතු වෙන සල්ලි ඔයාට paypal හරහා ගෙන්නගන්න පුලුවන් කියලා මම කිව්වා. ඒකට ඔයාට අඩුම carats 2000ක් ඒ කියන්නේ dollar 2ක් හොයන්න වෙනවා.
මේ app එකත් try කරලා බලන්න. තවත් හොද ක්‍රම අපි ඉදිරියේදී කියන්වා.


සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්